මගේ රංගනය ඒ තරම්ම පහත්ද

යශෝධා විමලධර්ම කියන්නේ රංගනය ඔස්සේ ඉතාමත් ප්‍රවීනත්වයට පැමිණ තිබෙන චරිතයක්.

චිත්‍රපටි රැසකට සහ ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙන ඇයට ඒ ඔස්සේ ඉහළම ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකි වුණා.

කෙසේ වෙතත් ඇය රංගන දායකත්වය ලබා දුන් තණමල්විල කොල්ලෙක් හි යශෝධාගෙ චරිතය හොඳම නිළිය සම්මානය සඳහා යෝජනා වීමට තරම් ප්‍රශස්ත මට්ටමක නැති වන බවට ජූරිය මඟින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳව ඇය ඉතාමත් සංවේදී සහ කනගාටුවට පත්වෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි සටහනක් තබා තිබුණා.

“මා අද උදෑසන මේ බලා සිටින්නේ 2020 වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ වෙනුවෙන් නාම යෝජනා වූ ශිල්පීන් ගේ නම් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උත්සවය දෙසය.

සුවිශාල ලෙස ජනතා පුසාදයට සහ ජූරි විසින් වෙනත් උළෙළ වලදී සියලු අංශ සඳහා සම්මානයට පාත්‍රවූ තණමල්විල කොල්ලෙක් නාට්‍ය නාම යෝජනා දෙසය.

අන් සෑම ටෙලි සම්මාන උළෙල වලදී වගේම අද සුමති සම්මාන ප්‍රකාශයේත් තණමල්විල කොල්ලෙක් හි ප්‍රධාන කාන්තා භූමිකාව වූ යශෝදරා චරිතය රඟපෑ මගේ නම හොඳම නිළිය යන නම් ගොන්නේ නාම යෝජනා ලැබීමට තරම් මගේ රංගනය ප්‍රශස්ත මට්ටමේ නොමැති බව ගරැ ජූරිය විසින් තීරණය කර ඇත.

දශක තුනහමාරක් මා රඟපෑ ටෙලිවිෂන් චරිත කිසිදා අද වනතුරැත් හොඳම නිළිය අංශය සඳහා අඩුම තරමේ නාම යෝජනා ලබා නොමැත.

මගේ රංගන හැකියාව ඒ තරම් පහත් මට්ටමකද පවතින්නේ?

මගේ ආදරණීය ජනතා ජූරියට භාරයි මෙය තීරණය කරන්නට.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top