මගේ ඇඟ මහත් වෙන්නේ නැති වුනාට බඩ මහත් වෙනවා, ගවුම් අඳින්න බෑ ගලවන්න හිතෙනවා

මේ දවස්වල හැමෝම අතර ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි පාර දිගේ කියන්නේ, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න රංගන ශිල්පිනියක් තමයි සප්නා පාදුක්ක කියන්නේ, ඉතින් අපි හිතුවා මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සප්නා සමග ටිකක් කතා කරන්න, ඉතින් සප්නා මොනවද අලුත් තොරතුරු..? ”අළුත් තොරතුරු කියන්නේ ඉතින් මම මේ දවස්වල මම වැඩිපුරම කාලය වෙන් කරලා තියෙන්නේ පාරදිගේ නාට්‍ය එක්ක, ඒ වගේම ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍ය සමගත් මම සම්බන්ද වෙලා ඉන්නවා, ඒවා තමයි අලුත් වැඩ”

වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ පාරදිගේ නාට්‍යයේ මානවී කියන චරිතයට නේද..? ”මම පාරදිගේ නාට්‍ය එක්ක සම්බන්ද වෙලා දැන් අවුරුදු දෙකකට වඩා වැඩියි, කොහොම වුනත් තාමත් මට ඒ චරිතයට ගොඩක් ලොකු ප්‍රතිචාර ලැබෙනවා, රඟපෑව මුල් කාලයේනම් නපුරු චරිතයක් කියලා ගොඩක් බැන්නා හැබැයි දැන්නම් බනින කට්ටිය අඩුවෙලා, හොඳ කියන කට්ටිය තමයි දැන් ගොඩක් වැඩියි ඉතින් හරිම සතුටුයි,”

ආකර්ෂණය ලබාගන්න ගොඩක් නවක රංගන ශිල්පිනියන් ඇඟ පේන විදියට ඇඳුම් අඳිනවා කියල සමාජයේ කතා වෙනවා, ඉතින් ඒ ගැන ඔයා මොකද හිතන්නේ..? ”ඒකනම් මම දන්නේ නෑ, හැබැයි මමත් කොට ඇඳුම් අඳිනවා, ඒ අවදානය දිනාගන්න නෙවෙයි, මම ඇඳුම් තෝරාගන්නේ මට පහසු විදියට අනිත් කාරණාව තමයි මම වෙන කෙනෙක්ගේ අවධානය දිනාගන්න ඇඳුම් අඳින්නෙ නෑ, හැබැයි එහෙමයි කියලා අනවශ්‍ය විදියට ඇඟ පේන ඇඳුම් අඳින හෝ වෙන වෙන විදියේ ඇඳුම් අඳින්නෙ නෑ”

අපිට දැනගන්න ලැබුනා ඔයාට එක විශේෂ ඇඳුමක් අඳින්නම බෑ කියලා මොකද්ද ඒ කතාව ”අනේ ඔව් ඒ ඇඳුම තමයි ගවුම, මට ගවුම් කියන්නේ ඇලජික්, මොකද මට ගවුමක් ඇඳගෙන ඉන්නම බෑ, ඒ නිසා මම ගවුම්වලට පොඩ්ඩක්වත් කැමති නෑ, මම කැමති මාව මහතට පේන ලොකු ටීෂර්ට් ඩෙනිම් වගේ ඇඳුම් අඳින්න, මට තියෙන්නේ කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති කෙට්ටු ඇඟක්, ඒ නිසා මම කැමතියි මහතට පේන ඇඳුම් අඳින්න, හැබැයි මගේ ඇඟ මහත් වුනේ නැති වුනාට මගේ බඩ මහත් වෙනවා ඒ නිසා මම ජිම් ගිහින් බඩ අඩුකරගන්න මම ව්‍යායාම කරනවා.”

සප්නා ඔයා අද වෙද්දී ජනප්‍රිය නිලියක්, ඉතින් ඔයාව ප්‍රතික්ෂේප කරපු අය ගැන දැන් ඔයා මොකද හිතන්නේ ”අද මම රංගන ශිල්පිනියක විදියට දැක්කම මාව ප්‍රතිෂේප කරපු ගොඩක් අය මට කතා කරලා සුබ පතලත් තියෙනවා, මාව ප්‍රතිෂේප කරපු සමහර අය ආයේ මගේ ජීවිතේට ආයේ එන්නත් අහලා තියෙනවා, මම ඒ අය එක්ක තරහා නෑ, හැබැයි ඒ අය මගේ ජීවිතේට ආයේ ගන්නේ නෑ, මොකද එකපාරක් දාලා ගිය කෙනා ආයේ නොයයි කියලා හිතන්නේ කොහොමද,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top