මගේ ඇත්ත නම කීර්ති පැස්කුවල් නෙවෙයි

ලයාන්විත කටහඬින් හදවතේ පෙමනීය හැඟීම් උධීපනය කරපු ආදරණීය ගායකයෙක් තමයි කීර්ති පැස්කුවල් කියන්නේ, දිනෙන් දින තරුණ වෙන හඬකට හිමිකම් කියන එතුමා සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ. පැස්කුවල් මහත්මයා ඔබ තුමාගේ පවුලම සංගීතයට ලැදියි නේද..? ”ඔව් මගේ දියණිය පුතා වගේම ලේලියත් ගීත ගයනට ගොඩක් දක්ෂයි, ඇත්තටම මම රංගනයට සම්බන්ද වෙන්නේ මගේ සහෝදරයා වන පද්මසිරි පැස්කුවල් නිසා, ඒ වෙද්දී එතුමා ජීවතු අතර නෑ, එතුමත් ගොඩක් දක්ෂ ගිටාර් වාදකයෙක් ඒ වගේම සංගීත අධ්‍යක්ෂක කෙනෙක්, සක්සෆෝන් වාදකයෙක්, ඒ විතරක් නෙවෙයි මගේ අයියාගේ පුතා දක්ෂ ගිටාර් වාදකයෙක් ඒ වගේම රවී පැස්කුවල් ගායන ශිල්පියෙක්. ඔහුගෙ අනිත් පුතා දක්ෂ ගායකයෙක් වගේම ගිටාර් වාදකයෙක් සංගීතය වටාම තමයි අපේ පවුල ගොඩනැගිලා තියෙන්නේ”

උප්පැන්න සහතිකයේ තියෙන නමට වැඩිය වෙනස් නමක් නේද ඔබතුමාට තියෙන්නේ ” ඔව් මගේ උප්පැන්නේ තියෙන්නේ ‘පැස්කල් වසම් ආනන්ද කීර්තිරත්න’ කියලා, මට පාසල් කාලයේ හැමෝම කතාකලේ කීර්තිරත්න කියලා. ඉතින් යාළුවො නම ගිග නිසා කෙටි කරලා කීර්ති කියලා කතා කරන්න පටන්ගත්තා, පැස්කල් කියලා උප්පැන්න සහතිකයේ තිබ්බට මගේ තාත්තගේ පෙළපතේ නම පැස්කුවල්. ඉතින් මම තාත්තගේ පෙළපත් නාමය පාවිච්චි කරනවා කියලා තීරණය කළා, කළා ලෝකය එක්ක සම්බන්ද වෙද්දී කීර්තිරත්න කියන නම ගැළපෙන්නේ නැති නිසා කීර්ති කියන නම මම පාවිච්චි කළා, ඒ නම මිනිස්සු අතරේ ගොඩක් ජනප්‍රිය වුනා”

දැන් බිහිවන තරු හරි ඉක්මනට කඩාගෙන වැටෙනවා, කළා තරු මේ විදියට කළා අඹරේ අතරමන් වෙන්නේ මොකද..? ”මෙහෙමයි මෙතෙක් කාලයක් රියලිටි තරඟවල වැඩිම කාලයක් විනිශ්චය මණ්ඩලයේ සිටි එකම පුද්ගලයා මම ඒ නිසා ඒ දරුවන්ගේ යතාර්ථය මම හොඳින් දකිනවා, මේ තරඟවලට සම්බන්ද වෙන තරඟකරුවන් ජනප්‍රිය වෙලා ඉහලට යන්නේ ගායනය හේතුව නිසා නෙවෙයි, ඒ අය ප්‍රේක්‍ෂකයන් අතරට යන්නේ වෙන කෙනෙක්ගේ ගීත ගායනා කරලා, ඉතින් මම දකින විදියට මේ අයගේ පැවැත්ම තීරණය වෙන්නේ තමන්ගේම කියලා ගීතයක් නිර්මාණය කරලා ජනතාව අතරට ඇවිත් ජනතා ආදරේ දිනාගත්තොත් විතරයි, මම ඒ දරුවන්ගේ හැකියා කිසිම වෙලාවක අවතක්සේරු කරන්නේ නැහැ අපි මේ ක්‍ෂේත්‍රයට එද්දී අපට තිබුණු හැකියාවට වඩා අලුත් පරම්පරාවේ දරුවන් දක්ෂයි, හැබැයි දැන් නිර්මාණය වෙන්නේ එකම රැල්ලේ ගීත, ඉතින් ඒ වගේ තත්වටන් එක්ක පැවැත්මත් අමාරුයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top