මගේ ප්‍රසිද්ධිය එක්ක ගෑනූ ආශ්‍රය ටිකක් වැඩිවුණා. ඒත් ඒකේ කර්මය මට පඩිසන් දුන්නා ! අනුෂ්ක සංවේදී වෙයි.

අනුෂ්ක උදාන නොහොත් “වස්ති” කිව්වම ඔහුව නොදන්නා කෙනෙකු නොමැති තරම්.. කෙටි කාලෙකින් තමන්ගෙම බ්‍රෑන්ඩ් එකකින් ලෝකයක් දැන අඳුනන චරිතයක් බවට පත්වෙන්න “වස්ති අනුෂ්ක” සමත් වුණා. ඒ වගේම තමයි අනුෂ්ක ඔහුගේම කියන නිවසකට පසුගිය දිනෙක හිමිකම් කිව්වා

හැමදේම මේ විදිහට වුණත්, අනුෂ්ක තාම තනිකඩ හාදයෙක්. ඒ “තනිකඩකම” පිටිපස්සෙ හෙළි නොවුණු කතාවක් තියෙනවා. මේ තමයි ඒ කතාව… “දවසක් මට ඩිප්‍රෙශන් හැදුණා දවස් හතරකට. ඒක මම පස්සෙ දැනගත්තෙ. එහෙම වුණේ මගේ සිරා ලව් එකක් හින්දා.

ඒ කියන්නෙ කර්මය තමයි පලදුන්නෙ. අනව්‍යශ්‍ය චර්යාව නිසා. වේලවල් 12ක් මඟ ඇරිලා. වතුර විතරයි බීලා තියෙන්නෙ. ඒ කියන්නෙ ප්‍රසිද්ධියත් එක්ක ගෑනූ ආශ්‍රය ටිකක් වැඩිවුණා. ඉතින් ඒකෙ කර්මය පඩිසන් දීලා. පස්සෙ ආරංචි වුණා එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇතිවුණා කියලා.

මට ඒ වේදනාව දරාගන්න බැරිව ගියා. මම බුදුදහම එක්ක ඉගෙන ගත්ත දේ තමයි අපිට අයිති නැති අපිටවත් පාලනය කරගන්න බැරි අපේ හිත, කොහොමද වෙන කෙනෙක්ගේ හිත පාලනය කරන්නේ..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top