අමෙරිකානු මධ්‍යම තොරතුරු කාර්යාංශයේ හිටපු නිලධාරියෙකු නිව්යෝක් හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ චාල්ස් මැක්ගෝනිගල් නමැති මෙම හිටපු නිලධාරියාව රුසියාවේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන ඇති බවය.
ඔලෙක් ඩෙරිපෙස්කා නම් එම ප්‍රබල ව්‍යාපාරිකයාට එරෙහිව අමෙරිකාව විසින් මීට පෙර අපරාධ චෝන්දා එල්ලකර තිබුණේ රුසියාවට පනවා තිබූ සම්බාධක උල්ලංඝනය කළ බව පවසමිනි.
චාල්ස් මැක්ගෝනිගල් 2018 වසරේදී අමෙරිකානු මධ්‍යම තොරතුරු කාර්යාංශයෙන් විශ්‍රාම ගෙන තිබුණි.
මාධ්‍ය වාර්තා සඳහන් කළේ පසුගිය සෙනසුරාදා ඔහු ශ්‍රී ලංකාවේ සංචාරකින් අනතුරුව නැවත පැමිණෙමින් සිටියදී නිව්යෝක් හි ජෝන් එෆ් කෙනඩි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.