කුඩා දරුවෙකු ගුවන්තොටුපොළේ දමා ගුවන්ගතවීමට ගිය යුවළක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඊශ්‍රායලයෙනි.
එරට Tel Aviv නගරයේ පිහිටි Ben-Gurion ගුවන්තොටුපොළ වෙත පැමිණි යුවළක් මෙලෙස සිය දරුවා ගුවන්තොටුපොළේ දමා ගුවන්ගතවීමට උත්සාහ ගෙන ඇති බව විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර ඇත.
බෙල්ජියමේ වීසා බලපත්‍රයක් හිමි එම යුවළ පසුව ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔවුන් ගුවන්තොටුපොළ වෙත පැමිණියද කුඩා දරුවා සඳහා ගුවන් ටිකට් පතක් ලබාගෙන නොතිබූ බවට අනාවරණය වී ඇති බවය.
ඔවුන් ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත්තේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බලා ගමන් කිරීමටයි.
කෙසේ වෙතත් ටිකට්පතක් නොමැතිවීම හේතුවෙන් දරුවා ගුවන්තොටුපොළේ තබා එම යුවළ ගුවන්ගතවීමට ගොස් ඇත.
පසුව ගුවන්තොටුපොළ බලධාරීන් තනිව සිටි දරුවා දැක සොයාබලා ආරක්ෂක අංශ වෙත දැනුම්දීමෙන් අනතුරුව එම යුවල සොයාගෙන තිබේ.