
සහකාර පොලිස් අධිකාරිවරු 33ක් ගැන ගත් තීරණය
සහකාර පොලිස් අධිකාරිවරු 33 දෙනෙක් සඳහා සේවා අවශ්‍යතා මත සේවා මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඊට මැතිවරණ කොමිසමේ අනුමැතිය ලබාගෙන තිබේ.
සහකාර පොලිස් අධිකාරිවරු 33 දෙනෙක් සඳහා සේවා අවශ්‍යතා මත සේවා මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඊට මැතිවරණ කොමිසමේ අනුමැතිය ලබාගෙන තිබේ.
දින කිහිපයක් පුරා අමෙරිකානු ගුවන් කලාපය තුළ පාවෙමින් තිබෙන චීනයට අයත් සැකකටයුතු ඔත්තු බැලීමේ වායු බැලූනයක් පිළිබඳ අමෙරිකානු බලධාරීන් දැඩි අවධානය යොමුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. අමෙරිකාවේ මොන්ටානා ප්‍රදේශයට බැලූනය නිරීක්ෂණය වී තිබුණි. ගුවන් කලාපයට ඇතුළුවූ වහාම බැලුනය අමෙරිකානු නිරීක්ෂණයට පත්වූ බවත්, ගුවන් හමුදාවට අයත් යානාවක් යොදවා එහි ගමන්මඟ නිරීක්ෂණය කර ඇති බවත් නිල…
ඔස්ට්‍රේලියාවේ අංක එකේ ක්‍රීඩක ටෙනිස් ක්‍රීඩක Nick Kyrgio අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ. හිටපු පෙම්වතියට පහරදුන් බවට එරට අධිකරණයේ Nick Kyrgioට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබුණි. එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ ඔහුට එරෙහිව ගොනුකර ඇති චෝදනා ඉවත්කිරීමටයි. එහිදී සිදුව ඇත්තේ Nick Kyrgio විසින් ඔහුගේ හිටපු පෙම්වතිය තල්ලුකර දැමීමක් සිදුව ඇති බව වාර්තාවිය. 2021…
කළා ලෝකයේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියන් අතරින් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි මේධා ජයරත්න කියන්නේ, මේධා ගැන කතාකරදී කතා නොකරම බැරි මාතෘකාවක් තමයි ඇයගේ සුන්දරත්වය, ඉතින් මේධා කොහොමද මෙච්චර හැඩට ඉන්නේ ”මම බබාලා පොඩි කාලේ මම හිතුවේ එයාලා ගැන විතරයි, හැබැයි දැන් මම මගේ ගැන හිතනවා, ඒ වගේම මම සතියට දවස් හතරක්…
ඉංග්‍රීසි භාෂාවෙන් Slave Island ලෙස හැදින්වූ කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම “කොම්පඤ්ඤවීදිය” ලෙස භාවිත කිරීමට අදාළව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ උපදෙස් පරිදි හැත්තෑපස් වෙනි නිදහස් දිනයට සමගාමීව ගෙන ඇති මෙම…
අමුද්‍රව්‍ය ලෙස තව දුරටත් රබර් ආනයනය කිරීම වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඇතැම් බහුජාතික සමාගම් රබර්වල ගුණාත්මකභාවය හුවා දක්වමින් ඉහළ මිල ගණන් යටතේ තව දුරටත් රබර් ආනයනය සිදුකරන බවට තොරතුරු අනාවරණයවී ඇති බවයි සඳහන් වන්නේ. අදාළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස්වී දීර්ඝ…
2023 වර්ෂය සඳහා අයවැයෙන් වෙන් කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන 6% කින් කපාහැරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. වියදම්…
75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමාකිරීම සහ මාර්ග වසා තැබීම සම්බන්ධයෙන් පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව මාර්ග වසා තබන ප්‍රදේශයන්හි පදිංචි ජනතාවට, ව්‍යාපාරික ස්ථානවලට සහ කාර්යාලවලට ගමන් කිරීම බාධාවක් නොවන පරිදි එම මාර්ගවල රථවාහන ගමනාගමනය සීමාකිරීම සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,