‍රජයේ ආයතනවල වියදම් කප්පාදුව

2023 වර්ෂය සඳහා අයවැයෙන් වෙන් කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන 6% කින් කපාහැරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

වියදම් අවම කිරීම සඳහා හඳුනාගත් ක්‍රමවේද අඩංගු සංශෝධිත වියදම් ඇස්තමේන්තු පෙබරවාරි මස 28 වන දිනට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස ද මෙම චක්‍රලේඛය මඟින් දැනුම් දී තිබෙනවා.

අදාළ චක්‍රලේඛය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top