Slave Island භාෂා ත්‍රිත්වයෙන්ම කොම්පඤ්ඤවීදිය ලෙස හැඳින්වීමට තිරණය කෙරේ

ඉංග්‍රීසි භාෂාවෙන් Slave Island ලෙස හැදින්වූ කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම “කොම්පඤ්ඤවීදිය” ලෙස භාවිත කිරීමට අදාළව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ උපදෙස් පරිදි හැත්තෑපස් වෙනි නිදහස් දිනයට සමගාමීව ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් තැපැල්පතිවරයා හා කොළඹ මහ නගර සහාවේ නාගරික කොමසාරිස්වරයා ද දැනුම්වත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිංහල හා දෙමළ භාෂාවෙන් කොම්පඤ්ඤ වීදිය ලෙස භාවිතා කළ ද යටත් විජිත සමයේ එම පෙදෙස හැදින්විමට යොදාගත් Slave Island යන නාමකරණය මේ දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් භාවිත කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top