ආදරේ කරන කෙනාගෙන් ඒ දේ ලැබුනේ නැති වුනාම අවුල්

පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් කාගේත් ආදරේ දිනාගත්ත රංගන ශිල්පිනියක් තමයි ගීතිකා රාජපක්ෂ කියන්නේ, කොහොම වුනත් පසුගිය කාලයේ ගීතිකා වැඩිය පේන්න හිටියේ නෑ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, ගීතිකා මොකද වෙන්නේ මේ දවස්වල ”මේක රංගනය පැත්තෙන් කාර්යබහුල ජීවිතයක් නෙවෙයි ගත කරන්නේ, හැබැයි වෙන වෙන එක්ක මම ගොඩක් කාර්ය බහුල වෙලා ඉන්නේ, ඒ වගේම මේ මාසේ අලුත් වැඩ කිහිපයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා බලමු ඉස්සරහට”

හීතිකා චරිතයක් තෝරාගන්න කිලින් හිතන්නේ මොනවා ගැනද..? ”ඉස්සරනම් චරිතයක් තෝරාගන්න කලින් ගොඩක් දේවල් හොයලා බැලුවා, කලින් කරපු චරිතවලින් එහාට ගියපු චරිතයක් කරන්න පුලුවන්ද කියලා හිතලා බැලුවා, හැබැයි දැන් නම් වෘත්තිය මට්ටමෙන් බැලුවොත් මේ ක්ෂේත්රයේ ලොකුවට දේවල් හොයන්න අමාරුයි, මම කොහොමත් කැමති නෑ එක දිගට එකම විදියේ චරිතවලට රංගනයෙන් සම්බන්ද වෙන්න, මට ලැබෙන්නෙම ගැමි චරිත දැන් මම ඒවාට කැමතිම නෑ, ප්‍රහසන චරිත වලටත් මම කැමති නෑ, වෙන හොඳ චරිතයක් ලැබුනොත් බාරගන්නවා”

රංගන ශිල්පිනියක විදියට ඔයාට මේ ක්‍ෂේත්‍රයේ ඉන්නේ හොඳම යාලුවා කවුද..? ”මට පාසල් කාලයේ ඉඳලම හොඳම යාළුවො දෙන්නෙක් හිටියා, කැම්පස් කාලේ යාළුවො ගොඩක් හිටියා, අපිට ඒ කාලේ කියන්නේ දහයේ සෙට් එක කියලා, හැබැයි යාළුවො හිටියේ අටයි, දැන් ඒ යාළුවො එක එක තැන් වල, මම රංගනයට සම්බන්ද වෙච්ච කාලේ මගේ හොඳම යාළුවො කියලා හිතන් හිටපු අය යාලුවෝ නෙවෙයි, ඒ නිසා මට ලොකු කලකිරීමක් ඇතිවෙලා හිටපු කාලටකුත් තිබ්බා, දැන් මට ඕනෙම දෙයක් කියන්න පුළුවන් යාළුවො දෙන්නයි ඉන්නේ ඒ ඒ ශලනි තාරකා සහ ධනංජි තාරුකායි විතරයි”

ආදරේ ගැන මොකද හිතන්නේ ”බොරු කියන්න ඕන නෑ ආදරේට මම හරිම බයයි, මම ගොඩක් ආදරණීය කෙනෙක්, මම ආදරේ කරන කෙනාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා, ඒ දේවල් ලැබෙන්නේ නැති වෙද්දී මට හරිම දුකයි, ඒ නිසා මම කැමතියි තනියම ඉන්න, බැඳීම් කියන්නේ වේදනාවක්, මේ වෙද්දී මගේ සහෝදරියන් දෙන්නම විවාහ වෙලා බබාලා ඉන්නවා. මේ වෙද්දී මගේ ලෝකයේ වෙන කවුරුත් නැහැ ඉන්නේ දෙමාපියන් විතරයි, බැඳීම් අඩු වෙද්දී මට දුක අඩුයි, ඒ නිසා මම දුක් වෙන්න හේතු හදාගන්නේ නැතුව පාඩුවේ ජීවත් වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top