අවුරුදු 20ක් උනාට බැඳලා කරන්න ඕන දේවල් ගැන මම හොඳට දන්නවා

නව පරපුරේ රංගන ශිල්පිනියක විදියට කාගේත් අවදානය දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියන්නේ, කොහොම වුනත් හර්ෂි පසුගිය දවසක කාටවත් නොකියා හොර රහසේම විවාහ වුනා, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගත්තේ ඔයාලා හැමෝම ආදරේ කරන හර්ෂි රසාංගායි, හර්ෂි මොකද හදිස්සියේම විවාහ වුනේ ”මම හදිස්සියේ විවාහ වුනේ නෑ, අපි මාස ගානක් තිස්සේ මේක ප්ලෑන් කරලා තිබ්බේ, කලින් කිවුවම කිසිම අගයක් නෑ නේ ඒකයි කාටවත් කලින් කිවුවේ නැත්තේ,”

හර්ෂි කියන්නේ තාම ලාබාල තරුණියක් ඉතින් හිතෙන්නේ නැද්ද විවාහ වෙන්න ඉක්මන් වුනා වැඩියි කියලා..? ”මට තාම වයස අවුරුදු 20යි, හැබැයි මම වයසින් අඩු වුනාට හැම දෙයක් ගැනම හොඳට දන්නවා, බැන්දට පස්සේ කරන්න ඕන දේවල් ගැන මට හොඳ අවබෝදයක් තියෙනවා, ඒ වගේම මම ඕනෑම දෙයක් ගැන බුද්ධිමත්ව හිතන පරිණත භාවයක් තියෙන කෙනෙක්, ඒ නිසා මම හිතන්නේ නෑ විවාහ ජීවිතේ මට ප්‍රශ්නයක් වෙයි කියලා, අනිත් කාරණය තමයි මට වයස ප්‍රශ්නයක්ම නෑ”

කියන්නකෝ බලන්න ඔයාගේ ආදර කතාව ගැන පොඩි විස්තර ටිකක් ” මගේ ආදරණීය සැමියාගේ නම මහේන් අනුරාධ, එයා පදිංචි වෙලා ඉන්නේ දෝහාවල, ඒයා සේවය කරන්නේ කටාර් ගුවන් සේවයේ, ඇත්තම කියනවනම් එයා මට හම්බ වුනේ අහස නිසාම තමයි, මම දවසක් ඉන්ස්ටග්‍රෑම් එකට දැම්ම පින්තුරයකට එයා හරිම ලස්සන කලාත්මක අදහසක් කමෙන්ට් කරලා තිබ්බා, ඉතින් මට හිතුනා එයා හරිම ලස්සන හදවතක් තියෙන කෙනෙක් වෙන්න ඇති කියලා, ඉතින් මම එයාට රිප්ලයි කළා, එහෙම තමයි අපේ සම්බන්දෙ පටන් ගත්තේ”

හර්ෂි මේ වගේ පුංචි වයසකදී බිරිඳක් වීම ගැන මොකද හිතන්නේ ”ඇත්තම කියනවනම් බිරිඳක් වෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි, හොඳින් පවුල් ජීවිතයක් ගතකරන්න නම් බිරිඳක විදියට ලොකු වගකීමක් දරන්න වෙනවා, ඒ වගේම විවාහ වුනාට පස්සේ එක එක ප්‍රශ්න වලට ෆේස් කරන්න වෙනවා, ඉතින් මම විශ්වාස කරනවා මට හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න පුළුවන් ආත්ම විශ්වාසයක් තියෙනවා කියලා”

විවාහයෙන් පස්සේ දිගටම රන්ගයේ නියැලෙනවද ”නැහැ මම රංගනයෙන් සමුගන්න තීරණය කරලා තමයි විවාහ වුනේ, මම හිතාගෙන ඉන්නේ සැමියා එක්ක දෝහාවල පදිංචියට යන්න, මගේ උසස් අධ්‍යාපනයටත් ඒක ලොකු හෙල්ප් එකක්, මම රංගනයෙන් දායක වෙන ලංවී නාට්‍යයේ ඉතිරි දර්ශන ටික ශුට් කලාට පස්සේ මම ලංකාවෙන් යනවා, ආයේ ඉතින් කවදා එයිද කියන්න බෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top