වෛද්‍යවරුන්ගේ සංකේත වැඩවර්ජනය අද අවසන් වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කළ පැය 24ක සංකේත වැඩ වර්ජනය අද (09) උදෑසන 8.00 ට අවසන් වන බව එම සංගමය පවසනවා.

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ රට තුළ පවතින ඖෂධ හිඟයට රජය නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළකරමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කළ බවයි එම සංගමය සඳහන් කළේ.

මෙම වැඩවර්ජනය ඉතා සාර්ථක වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top