තුර්කියේ භූ කම්පනයෙන් දින 4කට පසු සුන්බුන් අතර සිරවී සිටි අලුත උපන් බිළිඳෙකු සහ මවක් සොයා ගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, යාගීස් ලෙස නම් කර ඇති අදාළ බිළිඳා මීට දින 10කට පෙර උපත ලබා ඇති බවයි.
භූ කම්පනය සිදුවී පැය 90කට අධික කාලයකින් පසුව ද ජිවතුන් අතර සිටිය දී සොයා ගත් මෙම අලුත උපන් බිළිඳා සහ ඔහුගේ මව කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි ඉස්තාන්බුල් නගරාධිපති එක්‍රම් ඉමාමෝග්ලු ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ. දින 10ක් වයසැති අදාළ බිළිඳා බ්ලැන්කට්ටුවකින් ඔතා ගිලන් රථයක් වෙත රැගෙන යන ආකාරය දැක්වෙන දර්ශන ද විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර තිබෙනවා.