පෙබරවාරි මුල් සතියේ දී සංචාරකයෝ 26,000 ක් දිවයිනට

2023 පෙබරවාරි පළමු සතිය තුළ දී 26,506 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2023 වසරේ පෙබරවාරි 07 දින දක්වා පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 129,051 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.

පෙබරවාරි පළමු සතිය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ, රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය යන රටවලින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top