ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පළමු ජය හිමිවෙයි

කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඊයේ (10) දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වුණා. ඒ අනුව පළමු තරඟය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතරයි.

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 04ක් දැවී ලකුණු 129ක් රැස් කළා. එහිදී නායක චමරි අතපත්තු ලකුණු 68ක් රැස් කරගත් අතර විශ්මි ගුණරත්න ලකුණු 35ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ද.අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ෂබ්නිම් ඉස්මයිල්, මර්සාන් කැප් සහ නඩීන් ද ක්ලාක් විසින් කඩුල්ල බැගින් බිඳ දැම්මා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ රැස් කරගැනීමට හැකිවුණේ කඩුළු 09ක් දැවී ලකුණු 126ක් පමණයි. එහිදී නායක සුනේ ලූස් විසින් ලකුණු 28ක් රැස් කළා.

පන්දු යැවිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝකා රණවීර කඩුළු 03ක් සහ සුගන්ධිකා කුමාරි සහ ඕෂධී රණසිංහ කඩුළු 02ක බැගින් බිඳ දැම්මා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 03ක තියුණු ජයග්‍රහණයක් හිමි වූ අතර තරඟයේ වීරයා ලෙස චමරි අතපත්තු පත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top