ආදරවන්තයින්ගේ දිනය වර්තමානය වන විට “රූම් ඩේ” වී ඇති බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
මෙම සමීක්ෂණයට මල් වෙළඳසැල් ව්‍යාපාරිකයෙක් , ලැගුම්හල් සේවකයෙක් , ටියුෂන් ගුරුවරයෙක් සහ මහාචාර්ය ඥානදාස පෙරේරා ඇතුළු පිරිසක් එක් කරගෙන තිබුනා.
එහිදී ඔවුන් පවසා සිටියේ වෙනදට බියෙන් සැකෙන් කාමර වලට එන ගැහැණු ළමයින් ආදරවන්තයින්ගේ දිනයේ දී පැමිණෙනුයේ අමුතු ජවයකින් බවයි.
එමෙන්ම ත්‍රීරෝද රථය තුළදී නිල ඇඳුමට උඩින් වෙනත් ඇඳුමක් ඇඳගෙන එන බවත් පෙබරවාරි 14 යනු වංචනික පෙම්වතුන්ට සිය පෙම්වතියන් මුලාකර පහත් ලිංගික ආශාවන් ඉටුකර ගැනීමට කදිම දිනයක් බවයි.