පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් ගංජා මිශ්‍ර කර නිපදවූ චොක්ලට් වෙළඳපොළට පැමිණ ඇති බව හෙළි වී තිබෙනවා.
එහෙත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කියා සිටියේ ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී නොමැති බවයි.
මෙම කංසා මිශ්‍ර චොක්ලට් වර්ගය නිෂ්පාදනය කොට ඇත්තේ පොතුහැර ප්‍රදේශයකින් වන අතර පෙම්වතුන් වෙනුවෙන් නිපදවා ඇති මෙම චොක්ලට් වර්ගයට කංසා, අෂ්වගන්,වැල්මී සහ ලුණුවිල ඇතුළු තවත් සංඝටක කිහිපයක් අඩංගු බවයි වාර්තා වන්නේ.