මන්දනා කෝටි 3.4කට අලෙවි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාන්තා අදියරේ ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය අද පැවැත්විණි. එහිදී අලෙවි වූ ප්‍රථම ක්‍රීඩිකාව වූයේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩිකාවක වන ස්ම්‍රිති මන්දනායි. මන්දනා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 3.4ක මුදලකටය. එම සතුට මෙවර ලෝක කුසලාන කාන්තා කණ්ඩායම සමග එක්ව සිටින ස්ම්‍රිති මන්දනා සජීවීව නරඹමින් සමරුවේ මේ ආකාරයෙනි.

Read More

නව සුරාබදු පනතක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය

නව සුරාබදු පනතක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය නව සුරාබදු පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. 1912 වසරේදී හඳුන්වාදී ඇති සුරාබදු ආඥාපනත කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. ඒ අනුව සුරාබදු ආඥාපනත සහ දුම්කොළ බදු පනත වෙනුවට නව සුරාබදු පනතක් හඳුන්වාදීම සඳහා මුදල්, ආර්ථික…

Read More

සුන්බුන් අතර සිරවී සිටි මාස දෙකේ බිළිඳා යලි උපදී

තුර්කියේ ඇන්ටක්යා නගරයේ පැය 128 ක් සුන්බුන් අතර සිරවී සිටි මාස දෙකක බිළිඳෙකු බේරාගැනීමට ඊයේ දිනයේ දී (12) මුදවා ගැනීමේ කණ්ඩායමක් සමත් වී තිබුණා. බේරාගැනීමෙන් අනතුරුව නාවා පිරිසිඳු කර ආහාර ලබා දීමෙන් අනතුරුව සතුටින් සිටින බිළිඳාගේ වීඩියෝ දර්ශනද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා. සාර්ථකව බේරාගත් අනෙක් පුද්ගලයන් අතර අවුරුදු දෙකක ගැහැණු දරුවකු, සය මසක…

Read More

අද විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට යන පිරිස් වෙත දැනුම්දීමක්

ගමන් බලපත්‍ර ලබා ගැනීමට අද (14) දින වේලාවන් වෙන්කරවාගත් පිරිස් අද දිනයේ සේවාවන් ලබා ගැනීමට නොපැමිණෙන ලෙස දැනුම්දෙන බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය පවසනවා. ඒ අනුව අද දිනයේ පැමිණීමට නියමිත අයඳුම්කරුවන් අනිද්දා(15) පැමිණෙන ලෙසත් අනෙකුත් පිරිස්ද වේලාවන් වෙන්කරගත් දිනට පසුදින පැමිණෙන ලෙසත් සිකුරාදා (17) දිනයේ වේලාවන් වෙන්කරගත් පිරිස් සඳහා සෙනසුරාදා දිනයේ ගමන් බලපත්‍ර ලබාගත…

Read More
Back To Top