අනුෂ්කා සංජීවනී ට ICCයෙන් දඩ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනීට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබේ.

ඒ කාන්තා 20යි 20 තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයේදී එම කවුන්සිලයේ විනය නීති සංග්‍රහය කඩ කිරීම හේතුවෙනි.

මෙවර කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව ඉකුත්දා පැවැති තරගයේ දී ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී සිය විනය නීති සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් සිදුකර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

එම තරගයේ බංග්ලාදේශ ඉනිමේ 10 වන පන්දුවාරයේ දී සොබානා මොස්ටරි දැවී යාමෙන් පසු අනුෂ්කා සංජීවනී විසින් එම දවාගැනීම සැමරීමේ දී දැවී ගිය පිතිකාරිණිය දෙසට ආවේගශීලී අයුරින් පැමිණෙමින් විනය විරෝධී ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව ඇය විසින් ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කර ඇති බව ICC නිවේදනය කළේය.

ඇයට තරග ගාස්තුවෙන් 15% ක දඩ මුදලක් නියම කිරීමටච ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබේ.

දඩයට අමතරව අනුෂ්කා සංජීවනීගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් ද ඇතුළත් කර තිබේ.

සිය වරද හා තරග තීරකවරිය ලෙස කටයුතු කළ ජී. එස්. ලක්ෂ්මි විසින් පැනවූ දඬුවම ඇය විසින් පිළිගෙන ඇති බැවින් එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදුවන්නේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top