ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ තරඟ ගාස්තු ඉහලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්  2023 න වර්ෂය සඳහා ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරඟ ගාස්තු ඉහල නැංවීම සදහා තීරණය කර තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව  එක් සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟයක් සදහා එක්  ක්‍රීඩිකාවකට ගෙවනු ලබන මුදල ඇමරිකානු ඩොලර් 250සිට 750 දක්වා ඉහල දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

මීට අමතරව තරගයක් ජයග්‍රහණය කලහොත් ඇ.ඩො. 250 ක බෝනස් මුදලක් ලබාදීමටද ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මෙම දීමනාව එක්දින හා විස්සයි විස්ස ආකෘති ද්විත්වයටම  මෙම වසර ආරම්භයේ සිටම  ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top