ලොවම කැළඹු තායි පාපන්දු කණ්ඩායමේ නායකයා මරුට

ලොවම කැළඹවූ තායි පාපන්දු කණ්ඩායමේ නායකයා සම්බන්ධයෙන්  සම්බන්ධයෙන් දුක්ඛිත පුවතක් අද (15) ජාත්‍යන්තර මාධ්‍යයෙහි වාර්තා වෙනවා.

මීට වසරකට පමණ පෙර  ඔහු  වැඩිදුර පාපන්දු පුහුණුව සඳහා එක්සත් රාජධානියට ගොස් තිබුනා

පසුගිය සඳුදා ඔහුව සිහිසුන්ව සිටියදී රෝහල්ගත කිරීමට ඔහු නැවතී සිටි ස්ථානයේ පිරිස පියවර ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහෙත් ඔහු අද මරණයට පත්වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

පිරිමි ළමුන් 12 දෙනා ගැඹුරු ලෙන තුළින් මුදා ගැනීමට තායිලන්ත සහ ජාත්‍යන්තර කිමිදුම්කරුවන්ගේ සහාය ඇතුව අති භයානක මෙන්ම සංකීර්ණ ගලවාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නට සිදුවී තිබුණි.

දරුවන් ලෙන තුළට ගියපසු ඇද හැලුණු අනපේක්ෂිත වර්ෂාව හේතුවෙන් එය ජලයෙන් පිරී යනවාත් සමග දරුවන් ලෙනෙහි ගැඹුරට ගමන් කර තිබේ.

දැඩි අන්ධකාරය තුළින්, ඉතා පටු මාර්ග ඔස්සේ, ගැඹුරු ජලයේ කිමිදෙමින්, අඩ සිහියේ පසුවන දරුවන් රැගෙන ලෙනෙන් පිටතට පැමිණි අති දුෂ්කර ගමන ගැන එකල ලොවම දැඩි අවධානයක් යොමු කළ සිද්ධියක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top