පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට ඕස්ට්‍රේලියාව සමත්වුනා.
ඒ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර, ඊයේ (17) පැවති තරගයේ දී කඩුලු 10ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමත් සමඟයි.
එම ජයත් සමඟ මෙවර තරගාවලිය තුළ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට හැකි වුණ අතර මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම ලබා ගැනීමට නම් නවසීලන්ත සමඟ මීළඟට පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගත යුතු වනවා.
එම තරගය එළඹෙන ඉරිදා (19) පැවැත්වීමට නියමිතයි.