තියුණු ආයුධවලින් පහර දී මොරටුව අගුලාන ප්‍රදේශයේ දී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.
ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් ඊයේ මෙම පහරදීම සිදුව ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සුදීර සම්පත් හෙවත් උක්කුන් නමැති 26 හැවිරිදි පුද්ගලයෙක්.
පහර කෑමෙන් ඔහුගේ ඥාතියෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඔහු මේ වනවිට ලුණාව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඝාතනයට ලක්වූ තරුණයා අඟුලානේ පිහිටි සිය නිවස ඉදිරිපිට රැඳී සිටිය දී හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තියුණු ආයුධ රැගෙන පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.