කිඹුලාවල STREET FOOD පාරෙන් අතුගා දමයි

කිඹුලාවල STREET FOOD ජංගම වෙළෙඳසැල්  මේ වෙන කොට රටේ හැමෝම දන්න කියන ප්‍රසිද්ධ තැනක්.

මේ ජංගම වෙළෙඳසැල් පෙබරවාරි 24 වැනිදා වනවිට එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබෙනවා.

එහි වෙළෙඳසැල් 33 ක් පමණ ඇති අතර ඒ හරහා පවුල් 150 කට වැඩි පිරිසක් සිය ජීවනෝපාය සරිකර ගනු ලබනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් සිය රැකියා අහිමිවීම හේතුවෙන් කිඹුලාවල එම ස්ථානයේ සිය ව්‍යාපාර ආරම්භ කළ බවයි වෙළෙඳසැල් හිමියන් පවසන්නේ.

“එකපාරට අපිව අයින් කරාම අපි මොකද්ද කරන්නේ කියලා අපිට හිතාගන්න බෑ. යම් මුදලක් අය කරලා හරි රට හොඳ තත්ත්වයට පත්වෙනකල් අපිව මෙතැන තියන්න කියලා තමා අපි ඉල්ලීම කරන්නේ. අපි කාටවත් කරදරයක් කරන්නේ නෑ. අපි මෙතැන ලස්සනට පිරිසිදුවට කරන්නේ. ජොගින් පාත් එකේ අයට කිසිම කරදරයක් වෙන විදියට පුටුවක්වත් තියන්නේ නෑ. මෙතැනට දැන් විදේශිකයින් පවා පැමිණෙන තැනක් වෙලා…”

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් එම ස්ථානයේ වෙළෙඳාම් කිරීමට නීත්‍යානුකුල ක්‍රමවේදයක් යටතේ සැලසුම් කර තිබියදී මාර්ග සංවර්ධන අධිකාරිය මෙලෙස ක්‍රියාකිරීම අසාධාරණ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top