බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන අවස්ථාවේ අධ්‍යයන කටයුතු සඳහා ඇතුළත් වීමේදී ශිෂ්‍යයා, භාරකරු හෝ භාරකාර හිමිනම සමග පැමිණීම අනිවාර්යය බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි පවසති.
පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා සිට විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කරනු ලැබීය.
පසුව මෙ මස 27 වනදා විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට පාලනාධිකාරිය සැලසුම් කර තිබේ.
ඒ අනුව පළමු වසර සිසුන් පමණක් පළමුවෙන් විශ්වවිද්‍යාලයට අතුළත් කර ගනු ලබන බව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි වැඩිදුරටත් සඳහන් කළහ.
පවතින තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය තාවකාලිකව විසුරුවා හැර ඇති බව ද උන්වහන්සේ පැවසූහ.