අයා ට යළි උරුම වූ සෙනෙහස

පසුගිය 06 වනදා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතරදී බිහිවූ දැරිය පිළිබඳව ලෝකයේම අවධානය යොමුවිය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අයා නම් මෙම දැරිය හදාවඩා ගැනීම සඳහා ඇයගේ ඥාතියෙකු වෙත භාරදීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති බවය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ DNA පරීක්ෂාවකින් පසුව දැරියගේ මවගේ ඥාති කාන්තාවක වෙත දැරිය භාරදීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති බවය.

පසුගිය 6 වැනිදා සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සිරව සිටි මවක් විසින් මෙම දැරිය බිහි කර තිබූ අතර එහිදී මව මිය ගිය ද දැරිය මුදාගැනීමට සහන සේවකයින්ට හැකිව තිබුණි.

අයා හෙවත් ආශ්චර්ය යන නම් තැබූ ඇය හදාවඩා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම රෝහල් බලධාරීන් වෙත දුරකථන මාර්ග ඔස්සේ ද ඉල්ලීම් දහස් ගණනක් ලැබී තිබු බව සඳහන්.

කෙසේවෙතත් ඇයගේ ඥාතියෙකු දැරිය හදාවඩා ගැනීම සඳහා ඉදිරිපත් වන්නේ නම් ඔවුන් වෙත පමණක් ඇය භාරදීමට වෛද්‍යවරුන් තීරණය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top