සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇති බව වාර්තා වෙනවා.
ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට එක්වන්නේ වසර දෙකකට පසුව වීම විශේෂත්වයකි.
ඒ අනුව ඔහු එළඹෙන නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වනු ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර ‘එංගලන්ත ලයන්ස්’ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී දස්කම් දැක්වූ තරුණ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ඇතුළු තරුණ ක්‍රීඩකයන් කීපදෙනෙක් ද එම සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බවත් සංචිතය නිල වශයෙන් හෙට පෙරවරුවේ නම් කරන බවත් උසස් නිලධාරියෙක් පවසා සිටියා.