ලංකාව ඇතුළේ සම්මානයක් දිනාගන්න ලැබීමම වටිනා දෙයක්..

ඔහු සිය සංගීතයට දිව්‍යමය බව මුසු කළ ගායකයෙකි. විටෙක ගිතාරුවෙහි තත් අතර වොරඳන ඔහුගේ අතැඟිලි මවනා ශබ්ද රිද්මයන් අත්‍යලංකාරය. සංගීතය නම් විශ්ව භාෂාවෙහි මූලයන් සොයා යන ඔහුගේ කටහඬ භාවාන්විත භාවයෙහි සුරුවමකි. අද හදගැස්ම හා එක්වන්නේ ගායනවේදී තුසිත සිම්ප්සන්. මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ කොහොමද? මේ දිනවල සාමාන්‍ය පරිදි ජීවිතය ගෙවීගෙන යනවා. ගොඩක්ම සංගීත නිර්මාණය කම්පෝසින් පැත්ත සම්බන්ධයෙන් වැඩකටයුතු කරගෙන යනවා. නව සංගීත රචනාවන් කිහිපයකම කටයුතු මේ දිනවල නිම කරමින් පවතිනවා. මහ පොළොව තේමා ගීතය සම්මානයට පාත්‍ර වීම ගැන ඔබේ අදහස? සුමිත් රත්නායකයන් තමයි මෙම ටෙලිනාට්‍ය අධ්‍යෂණය කරන්නේ. දර්න රුවන් දිසානායකට එහි සංගීතය සපයන්න කියලා ඔහු භාරදෙනවා.

දර්ශන රුවන් දිසානායකයන් තමයි මාව එයට ගායනය සඳහා තෝරා ගන්නේ. මා සමඟ එය ගායනා කරන සචිනි සඳමාලි මෙහි ගායනයේදී ඉතා විශිෂ්ට අයුරින් එය ගායනා කළා. සංගීත නිර්මාණය තමයි මට අදාළ ක්ෂේත්‍රය වන්නේ. මම සියයට සියයකටත් වඩා මගේ ශක්තිය යොදවමින් තමයි මගේ නිර්මාණකරණය සිදු කරන්නේ. මම ඒ සඳහා සම්පූර්ණයෙන්ම කැප වෙනවා. කවුරුන් හෝ වචනයකින් හරි අගය කිරීමක් කරනවා නම් එය මහත් සතුටක්. ලංකාව තුළ යම් සම්මානයකට නිර්දේශ වෙලා සම්මානය දිනාගන්න ලැබෙනවා කියන්නේ ඉතාම වටින දෙයක්. ඒ අගය කිරීම අගය කරන්න ඕනේ. මේකට සුමති සම්මානය වගේම 2021 වසරේදී රයිගම් සම්මානයත් ලැබුණා. මේ ගීතයට හොඳම සංගීතය, හොඳම ගායකයා, හොඳම ගායිකාව යන සම්මාන පවා ලැබුණා. ඔබ ප්‍රාණ සිනමාපටය සඳහා ගායනයෙන් දායක වෙලා තිබෙනවා.

සිනමා සංගීතය පිළිබඳ ඔබේ අදහස? සිනමාපටයක් සහ ටෙලිනාට්‍යයක් කියන දෙය ඇත්තටම ගොඩක් වෙනස්. මේ මාධ්‍යයන් දෙකට සංගීතය පවා යොදා ගන්නේ වෙනස් ආකාරයකට. සිනමාපටයක හෝ ටෙලිනාට්‍යයක තේමා ගීතයක් ගායනා කරනවා නම් ඒ පිළිබඳව යම් දැනුමක් තිබිය යුතුයි. ඒ වගේම කවුරුන් හෝ රංගනයේදී එය ගායනා කරනවා නම් එය හැදෑරීමකින් කළ යුතුයි. විශේෂයෙන්ම නළුවා සහ නිළිය පිළිබඳව පවා අපි අධ්‍යයනය කළ යුතුයි. එය එසේ සිදු නොවුණහොත් සමස්ත කාර්යභාරයේ හරය ගිලිහී යනවා. මෙය සංගීතඥයා සමඟ එක්ව ඉටුකළ යුතු කාර්යයක්. යම් නිර්මාණයක කතා තේමාව, චරිත හැසිරෙන ආකාරය, වස්තු විෂය යන දෙය හැදෑරීමෙන් තමයි ඒ හා ගැඹුරින්ම බැ‍ෙ¾දන්න පුළුවන් වන්නේ. අපි ඒ හැදෑරීම තුළ සිදු කරන චිත්තරූප මවා ගැනීම මත තමයි නිර්මාණයට උපරිමයක් ඉටුකරමින් ගායනා කළ හැකි වන්නේ. ඔබේ ගීතයන්හි පද කාව්‍යාත්මකයි. ගීතයකට පද රචනාවක් මොනතරම් විධියට බලපානවද? මගේ මුල්ම ටෙලි නාට්‍ය ගීතය වන්නේ අමිල තේනුවර රචනා කළ දර්ශන රුවන් දිසානායක සංගීතවත් කළ හේලි ටෙලිනාට්‍යයේ “මතකය” කියන ගීතය.

ඒ ගීය ඔය කියන ස්වරූපයෙන් වෙනස්. මේ අයුරින් වෙනස් වෙනස් අයුරේ නිර්මාණ සඳහා එකතු වුණා. කාල, වාමන යාමය වගේ නිර්මාණයන්වල ගීත සඳහා මම දායකත්වය සැපයුවා. ඒ ඒ නිර්මාණයන්ට අනන්‍ය අයුරින් පද රචනාව වෙනස් වූවා කියන දෙය තමයි මගේ අදහස. ඔබේ බොහෝ ගීත නිව් ඒජ් සහ සෙල්ටික්, නෝර්ඩික් සහ ෆෝක් ආභාසය ලබනවා මේ ගැන ඔබේ අදහස? මේක මම සවිඥානිකව කරන දෙයක්. මම ඉන්දියානු උත්තර භාරතීය සංගීතය, දක්ෂිණ භාරතීය සංගීතය, බටහිර සංගීතය, ලාංකේය ජන සංගීතය සිට පොප් සංගීතය දක්වාම හදාරා තිබෙනවා. මේ සියල්ල එකතු කර ගනිමින් මම මගේම ආරක් නිර්මාණය කර ගත්තා. මේ නිර්මාණ හැම එකකම සංයෝජනය වුණු නිර්මාණශීලීත්වය මූලාශ්‍රයක් සොයා ගැනීමට නොහැකි වුණු විට තමයි හොඳම නිර්මාණයක් බිහි වෙන්නේ. මූලාශ්‍රයක් හොයන්න බැරි වීම මත තමයි අලුත් ශානරයක් බිහි වෙන්නේ. අපි හදාරපු දෙයෙහි යම් සාරයක් උකහා ගනිමින් තමයි අපිට නිර්මාණකරණයේ යෙදෙන්න වෙන්නේ. නමුත් නිර්මාණයන් තුළ යම්කිසි ආරයක රේඛාවන් පෙනෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඔබත් මගෙන් ඒ පිළිබඳව අසන්නේ. ගායකයෙක්ට සංගීත භාණ්ඩයක් වාදන හැකියාවෙන් ලැබෙන්නේ මොන වගේ අත්දැකීමක්ද? වාද්‍ය භාණ්ඩයක් වාදනය කිරීම කියන්නේ ශාරීරික සහ මානසික වශයෙන් ඒකාග්‍රතාව එක් කරන දෙයක්.

ගායනය මෙතැනින් වෙනස් වන්නේ එය ස්වභාවික දෙයක් වීම නිසාවෙන්. එය අප තුළම තිබෙන දෙයක්. වාදනයේදී කෘත්‍රිමව නිර්මාණය කළ දෙයක් සමඟ තමයි අපි එක් වන්නේ. නමුත් වාදනයට විශාල හික්මීමක් සහ පුහුණුවක් අවශ්‍යයි. ඇතැම් ක්‍රමවේදයන් ඒ ඒ සංගීත භාණ්ඩයට පමණක් අනන්‍ය වී තිබෙනවා. මේ හැදෑරීම තුළ ඒ ඒ දෙය කට හඬට ගෙන ඒමට ගායකයාට සංගීත භාණ්ඩයක් සමඟ තිබෙන ළැදියාව උපකාරී වෙනවා. ඒක වෙනම අධ්‍යයනයක්. ඒ රිද්මයන්, ඒ ශබ්ද අපිට ගායනය උකහා ගැනීමේ හැකියාව තිබෙනවා. අපි නිදසුනක් ලෙස තාල වාද්‍ය භාණ්ඩයක් ගැන සිතමු. එයින් අපිට රිද්මය ගැන විශාල හැදෑරීමක් ලැබෙනවා. මම සිතනවා එයින් විශාල පරිචයක් ලැබෙනවා කියලා. ඔබ කැමැතිම සංගීත ශානරයන් ගැන කතා කරනවා නම් මම ඇත්තටම මෙතෙක් බිහි වී තිබෙන ශානරයන් විශාල ප්‍රමාණයකට කැමතියි.

ඒ වගේම අපි අතීතයට ගියොත් වේද ග්‍රන්ථ එනම් සෘග්, යජූර්, සාම, අතර්වන් තුළ සඳහන් වන ගායනාවන්වල තිබෙන සංගීතයකුත් තිබෙනවා. ඒවා නැතිවී ගිය සංගීතයන්. ඒ වගේම යුරෝපයේ තිබුණු සේක්‍රඩ් මියුසික් සහ එසේ නොවන ෆෝක් සංගීතය පවා තිබුණා. මින්ස්ටන්ස්ලාගේ සංගීතය පවා තිබුණා. මේ සංගීතය අහිගුණ්ඨිකයන්ගේ සංගීතයක්. ඔවුන් තැනින් තැන යමින් ඔවුන්ගේ සංගීතය නිර්මාණය කළේ. සෙකියුලර් මියුසික් කියලා තමයි මේකට කියන්නේ. අපේ සංගීතයට සෑම සංගීත ශානරයකම යම් බලපෑමක් ඇතිවෙලා තිබෙනවා. මෙහි ගැඹුරින් බැලූ විට යම් සමස්ත දහරාවකට ආභාසය අපිට බොහෝ සේ ලැබී තිබෙන බව කියන්න පුළුවන්. ඉදිරි වැඩකටයුතු ගැන කතා කරමු මම දායක වෙලා තිබෙන ටෙලිනාට්‍ය සහ සිනමා නිර්මාණ කිහිපයක් ඉදිරියේදී එන්න නියමිතව තිබෙනවා. සංගීතමය වැඩකටයුතු කරමින් ඉදිරියටත් මේ ක්ෂේත්‍රයට ගුණාත්මක නිර්මාණ ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ගිහාන් සචින්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top