අඟුලානේ දී තරුණයෙකු ඝාතනය කෙරේ

තියුණු ආයුධවලින් පහර දී මොරටුව අගුලාන ප්‍රදේශයේ දී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් ඊයේ මෙම පහරදීම සිදුව ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සුදීර සම්පත් හෙවත් උක්කුන් නමැති 26 හැවිරිදි පුද්ගලයෙක්. පහර කෑමෙන් ඔහුගේ ඥාතියෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඔහු මේ වනවිට ලුණාව රෝහලේ ප්‍රතිකාර ලබනවා….

Read More

මහනුවර පූර්ණ සංවර්ධිත නගරයක් කිරීමට කැබිනට් අනුමැතිය

ඓතිහාසික මහනුවර නගරය පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීම සඳහා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමැතිය ලබා දී තිබෙනවා. මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කළ යෝජනාවකටයි.

Read More

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට විශේෂ දැනුම්දීමක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන අවස්ථාවේ අධ්‍යයන කටයුතු සඳහා ඇතුළත් වීමේදී ශිෂ්‍යයා, භාරකරු හෝ භාරකාර හිමිනම සමග පැමිණීම අනිවාර්යය බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි පවසති. පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා සිට විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කරනු ලැබීය. පසුව මෙ මස  27 වනදා විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට පාලනාධිකාරිය සැලසුම් කර…

Read More

කිඹුලාවල STREET FOOD පාරෙන් අතුගා දමයි

කිඹුලාවල STREET FOOD ජංගම වෙළෙඳසැල්  මේ වෙන කොට රටේ හැමෝම දන්න කියන ප්‍රසිද්ධ තැනක්. මේ ජංගම වෙළෙඳසැල් පෙබරවාරි 24 වැනිදා වනවිට එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබෙනවා. එහි වෙළෙඳසැල් 33 ක් පමණ ඇති අතර ඒ හරහා පවුල් 150 කට වැඩි පිරිසක් සිය ජීවනෝපාය සරිකර ගනු ලබනවා. කොවිඩ් වසංගතය හේතුවෙන්…

Read More

2022 වසරේ තෙවන පාසල් වාරයේ තෙවන අදියර අද ඇර⁣ඹෙයි

2022 වසරේ තෙවන පාසල් වාරයේ තෙවන අදියර අද (20) ආරම්භ වනවා. අදින් ආරම්භ වන තෙවන අදියර මාර්තු 24 දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. ඒ අනුව 2023 වසරේ පළමු පාසල් වාරය මාර්තු 27 ආරම්භ වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Read More

“මගේ ජීවිතේ ආදර කතාවක් නැහැ ආයේ කසාඳ බඳිනෙත් නැහැ “

ගයාත්‍රී ඩයස් කියන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මෑතකදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ආදරය ගැන ඇය කියා සිටියේ මෙවැන්නක්. “ආදර කතාවක් නෑ මගේ ජීවිතේ.ආදරය ගුලි කරලා බෝතලයකට දාලා මුහුදට විසි කළා.කසාද නම් බඳින්නේ නෑ.දෙපාරක් කසාද බඳිනවා කියන එක නම්…මොකද මට ඉන්නේ ගෑනු ළමයි දෙන්නෙක්.මම ඉන්නේ මදර් රෝල් එකේ විතරයි.”

Read More

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මිය ගිය ගණන 45,000 දක්වා ඉහළට

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය ගණන 45,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තුර්කියේ පමණක් 39,672 කු මියගොස් ඇති බවයි. එමෙන්ම සිරියාවේද 5,800 කට වැඩි පිරිසක් භූ කම්පනය හේතුවෙන් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ වනවිට භූ කම්පනය හේතුවෙන් පවුල්වලින් වෙන්වූ ළමයින් 1,589 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තවත් අවස්ථාවක්

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට ඕස්ට්‍රේලියාව සමත්වුනා. ඒ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර, ඊයේ (17) පැවති තරගයේ දී කඩුලු 10ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමත් සමඟයි. එම ජයත් සමඟ මෙවර තරගාවලිය තුළ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට…

Read More

කොවිඩ් පරාජය කළ බව චීනය නිවේදනය කරයි

තමන් කොවිඩ් -19 වසංගතය පරාජය කළ බව කොවිඩ් – 19 තිඹිරිගෙය වූ චීනය අද (17) නිවේදනය කළේය. ඒ, එරට කොවිඩ් – 19 හා සම්බන්ධ සංඛ්‍යාලේඛනවල නිරවද්‍යතාව පිළිබඳ පවතින ගැටලු සහගත බව මැදය. පසුගිය දෙසැම්බර් මාසයේ දී ද කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු එරට කොවිඩ් මරණ සහ රෝගීන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණි. කෙසේ වුවද…

Read More

සේවකයන් ඉවත් කර සකර්බර්ග්ගේ ආරක්‍ෂාව තර කෙරේ

මාක් සකර්බර්ග්ගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාව සඳහා සමාගම වාර්ෂිකව ඔහු වෙත ගෙවන ආරක්ෂක  දීමනාව ඇමරිකානු ඩොලර් මිලියන 14 ක් දක්වා වැඩි කර ඇති බව වාර්තා වෙනවා. ඔහුට ගෙවන මෙම දීමනාවට අමතරව සකර්බර්ග්ට ආරක්‍ෂාව සැපයීම සඳහා සමාගම තවත් අති විශාල මුදලක් වැය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝකයේ ප්‍රධාන සමාගම් බොහොමයක ප්‍රධානීන් වෙනුවෙන් දරන ආරක්‍ෂක…

Read More
Back To Top