ගැහැණියකට හරහට හිටින ගැහැණු ගැන පියුමි කතා කරයි

පියුමි බොතේජු කියලා කියන්නේ වර්තමාන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ලෝක කාන්තා දිනයේ දී, කාන්තාව ගැන අපූරු සටහනක් පියුමි ඇගේ සමාජ මාධ්‍ය වල පළ කර තිබුණේ මෙසේයි.

“අද කාන්තා දිනය…365 දවසම මහන්සි වෙන දිරිය ලදුන්ගේ එක දවස…මුළු ජීවිතේම පවුල වෙනුවෙන් කැපවෙන අම්මාටයි තාත්තටයිත් තියෙනවනේ දවසක්…ගැහැණිය හැමදේම දරාගන්නවා මහපොළොව වගේ…ලෝකයේ එළිය කරන්නේ ගැහැණිය…

හැබැයි ගැහැණියගේ ප්‍රතිරූපය පලුදු කරන්නේම තවත් ගැහැණියක්…ඇයගේ සාර්ථකත්වය දරාගන්න බැරි උනහම හිතාගන්න බැරි දේවල් කියනවා.එක්කෝ රූපය ගැන නැත්නම් ප්‍රසිද්ධිය ගැන නැත්නම් දක්ෂතාවය ගැන එහෙමත් නැත්නම් මොනවම හරි දෙයක් ගැන….ඇයි ඒ මොකටද අපි කාටවත් ඊරිසියා කරන්නේ හැම කෙනෙක්ටම ආවේණික ලස්සනක් තියෙනවා……ඇයි අපි කවුරුත් වෙන්න උත්සහ කරන්නේ අපිට පුළුවන් අපිම වෙන්න..මේ ලෝකේ තවත් ලස්සන කරන්න පුළුවන් ලස්සන ගැහැණියකටම තමයි..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top