මාව ගෙදරින් එළියට වැටුණේ අවුරුදු 18දී.. එළියට එද්දි අංජලීට අවුරුද්දයි. මට වැරදුණේ දරුවෝ පෙන්නලා මිනිස්සු කරපු ග්‍රාමා නිසා. කේ. සුජීවා වේද’ නාවෙන් හඬ අවදි කරයි.

“ඉඟි මරන තරු රෑන” කියන එකම එක ගීතයෙන් ප්‍රේක්‍ෂක සිත් වසඟයට ගත්ත කේ. සුජීවා, අනතුරුව ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වුණා. සිංහල පමණක් නොවෙයි, විවිධ බසින් ගී ගයන සුජීවා පසුගිය සමයේ කතාබහට ලක්වුණේ, “මම ප්‍රසිද්ධ මනුස්සයෙක්” කියන කතාන්දරේ නිසයි.

කේ. සුජීවා කාලෙකට කලින් කියපු කතාවක් තමයි මේ තියෙන්නෙ.. “මිනිස්සු කොහොමත් මට අවංක නෑ මට කැමතිත් නෑ. ඒ වුණත් මගේ විධියක් තියනවා. මාව ගෙදරින් එළියට වැටෙන්නෙ අවුරුදු දහ අටේදී. ගෙදර කැමැත්තට මට විවාහයක් කරලා දෙනවා. මම ඒක කරගන්න බැරි තැනකට එනවා.

මම වෙන් වෙන්න ඕන කිව්වම එහෙනම් ගෙදර එන්න එපා කිව්ව. ලැජ්ජ කරන්න එපා කිව්වා..” “එතකොට මම තරුණයි. අතේ සල්ලිත් නෑ. ශේප් එකේ ඉන්න ගෙයක් තිබ්බා. ගෙදරින් එළියට එද්දි අංජලීට අවුරුද්දයි. ඇත්ත කතාව හිත හොඳ වැඩිකමත් හේතුවක් වෙන්නැති.

මම කෙනෙක් ගැන හිතන්නෙ එයාගේ තැනට ගිහින්. අංජලීට මට දෙයක් අරන් දෙන්න බැරි වුණාම මම රෑම කල්පනා කරනවා. කවුරු හරි කිව්වොත් ඒ වගේ කතාවක් මගේ හිත උණු වෙනවා. ගොඩක් වෙලාවට මට වැරදිලා තියෙන්නෙ දරුවෝ පෙන්නලා මිනිස්සු මා එක්ක ග්‍රාමා කරපු නිසා..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top