නවසීලන්ත සමග ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් කඩඉමක් පසු කිරීමට සමත් වි තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000 ඉක්මවා ලබාගත් තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.
පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 47ක් ලබාගැනීමත් සමගම ඔහු එම වාර්තාව තමා සතුකර ගැනීමට සමත්විය.
මේ වනවිට ටෙස්ට් තරග 101කදී මැතිව්ස් ලකුණු 7000ක් ලබාගෙන ඇති අතර ඊට ශතක 13ක් සහ අර්ධ ශතක තිස් අටක් අයත්වෙයි.