පහුගිය කාලයේ ලෝකයේ රටවල් 42ක නිරූපණ ශිල්පිනියන්ගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 20 වැනිදා සිට මාර්තු මස 03 වැනිදා දක්වා ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති 29 වැනි ලෝක නිරූපණ ශිල්පිනි- 2023 (Top Model The World-2023) තරගාවලියේදී ලංකාව නියෝජනය කරමින් තෙවැනි ස්ථානය දිනාගැනීමට වාසනාවන්ත වුනු සුරූපී තරුණිය තමයි සඳනි පීරිස් කියලා කියන්නේ. ඒ වගේම 22 හැවිරිදි ඇය කොළඹ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක බැලේ නර්තන උපදේශිකාවක් හැටියටද කටයුතු කරනවා.
ඉතින් ඇය ලඳ මේ ජයග්‍රහණය ගැන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය ලංකාවේ ජනප්‍රිය වෙළෙඳ නාමයන්වලට වසර හතරක් නොකඩවා නිරූපණයෙන් දායක වෙලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පීන් සමග වැඩකරලා තියෙනවා කියලත් ඇය කියනවා.
ඉතින් එවැනි අවස්ථාවක බ්‍රයන් කියන මෝස්තර නිරූපණ ශිල්පියා ඇයට හඳුනාගන්න ලැබීම නිසා ඒ හඳුනාගැනීම හරහා තමයි Top model in the world තරගයට සහභාගී වෙන්න ඇයට අවස්ථාව ලැබිලා තියෙන්නේ.ඉතින් මේ තරගය වෙනුවෙන් උපරිමව කැප වෙලා ඇයගේ දායකත්වය සියයට සියයක්ම ලබා දෙන්න ඇයට හැකියාව ලැබුණ කියලා ඇය විශ්වාස කරනවාලු. නමුත් අදටත් ඇයට ඒක පුදුමයක් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය මේ තරගයට ඇන්දෙ සම්පූර්ණයෙන්ම ලංකාවෙ ඇඳුම් නිර්මාණ ශිල්පීන් විසින් නිර්මාණය කළ ඇඳුම් කියලයි ඇය කියන්නේ. ඉතින් ඔවුන් පුදුම වෙනවාලු ලංකාවෙ ඒ වගේ කොලිටි මැටීරියල් තියෙන එක ගැන වගේම කොලිටි ඩිසයිනර්ස්ල ඉන්න එක ගැනත්.
ඒ වගේම ඇය මේ තරගයට ගියේ ලංකාව වෙනුවෙන් කියලත් ඇය කියනවා. ඉතිං ඇයට අඳින්නත් ඕන වුනේ ලංකාවේ ඇඳුම් අදින්නලු. මොකද තරගයට ගියේ ඇය වුණාට ඇය නියෝජනය කරන්නෙ ලංකාව නිසා. ඒ වගේම ඇය හයිෆැෂන් මොඩ්ල් කෙනෙක් වෙලා තියෙන්නෙ ලංකාව නිසා කියලත් ඇය කියනවා. ඉතින් අපේ දේ උපයෝගීකරගෙන මේ තරගයේ තුන්වැනි තැන දිනා ගත්ත ඒක ලොකු සතුටක් කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම ඇය කවදාවත් යමක් ලේසියෙන් අතහරින්නෙ නැති නිදහස් වගේම ශක්තිමත්ව ඉන්න කෙනෙක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.