සැලසුම් කළ පරිදි අද (14) සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ, අද පස්වරු 4.00 සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් සේවයෙන් ඉවත් වන බවයි.
ඒ අනුව අද (14) මධ්‍යම රාත්‍රී 12.00 සිට සමස්ත තැපැල් සේවකයන් තැපැල් සේවා කටයුතුවලින් ඉවත්වී එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.