මෙවර Legends League තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ පැවැත්වුන අතර මෙවර අවසන් මහා තරඟය සඳහා Asia Lions කණ්ඩායම සහ World Giants කණ්ඩායම තරඟ වැදුනා.
ඒ අනුව එම තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් තරඟාවලියේ ශුරයන් වීමට TM ඩිල්ෂාන්, උපුල් තරංග, තිසර පෙරේරා, ඉසුරු උදාන යන ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයන් සිව් දෙනා නියෝජනය කල Asia Lions කණ්ඩායම සමත් විය.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් World Giants නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තිරනය කල අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 147ක් රැස් කිරීමට සමත් විය.
World Giants වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Jacques Kallis පන්දු 54කදී ලකුණු 78ක් වාර්තා කිරීමට සමත් වුනා.
ඒ අනුව ලකුණු 148ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Asia Lions පිතිකරුවන් පන්දුවාර 16.1ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 148ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.
Asia Lions ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ TM ඩිල්ෂාන් ලකුණු 58ක් රැස් කල අතර උපුල් තරංග ලකුණු 57ක් රැස් කිරීමට සමත් විය.