ට්‍රැවල් වීඩියෝ බලන්න ආස කරන ගොඩක් දෙනෙක් දන්නා කියන කෙනෙක් තම Davud Akhundzada කියන්නේ.
දාවුඩ් ලාංකිකයින් අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ ඔහු පසුගිය වසරේ දී මෙරට සංචාරය කිරීමට පැමිණීමත් එක්කයි.
පැරණි සෝවියට් සමුහාණ්ඩුවට අයත්ව තිබී පසුව ස්වාධින රාජ්‍යයක් වූ අසර්බයිජාන් කියන රට තමයි දාවුඩ් ගේ උපන් රට.
කොහොම වුනත් දාවුඩ් මේ ලඟදි සිය ටිව්ටර් සමාජ මාධ්‍ය ජාලයේ කෙටි සටහනක් තබා තිබුණා. ඒ ශ්‍රී ලංකාව ගැන.
ඒ සටහන තමයි මේ,
” හරියටම වසරකට පෙර, මගේ නාලිකාව ශ්‍රී ලංකාවේ පරිශීලකයින් අතර ප්‍රසිද්ධ වුණා!
එතැන් සිට, මගේ පමණක් නොවෙයි බොහෝ දෙනාගේ ජිවිත වෙනස් වී තිබෙනවා. මම දිගටම සංචාරය කරමින් මගේ කථා ඔබ සමග බෙදා හදා ගන්නවා.
මගේ යූ ටියුබ් සිහිනය අත්හැරීමට ඉඩ නොදීම ගැන මම ශ්‍රී ලාංකික ජනතාවට සදා කෘතඥ වෙනවා.
මගේ ප්‍රියතම දූපතට නැවත පැමිණෙන තෙක් මට ඉවසිල්ලක් නැහැ! ”
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔහු දක්වා තිබුනේ එවැනි සතුටුදායක පණිවිඩයක් වීම විශේෂත්වයක්.