ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතා ගිවිසුම ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 03 කට ආසන්න විස්තීරණ අරමුදල් පහසුකමක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත කළා. එම මූල්‍ය පහසුකමට මාස 48 ක කාල රාමුවක් අදාළ වන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ඒ අනුව පළමු ණය වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 333 ක මුදලක් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබාගැනීමට හැකිවනු ඇති.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම හා මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම මෙම අරමුදල් පහසුකම මගින් හැකිවනු ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළා.