ඉතාලියේ වෙසෙන ශ්රී ලාංකීක කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් පෙරේදා (13 වැනිද) දින එරට පැවති මළල ක්රීඩා ශූරතාවලියකදී තමා සතුව තිබූ මීටර 100 ජාතික වාර්තාව නැවතත් අලූත් කිරීමට සමත්විය.
තත්පර 10.15 ක කාලයක් වාර්තා කරමින් ඔහු දැක්වූ මෙම දක්ෂතාවය මේ වසරේ ආසියානු කලාපයේ ක්රීඩකයකු විසින් මෙතෙක් දක්වනලද තෙවන හොඳම දක්ෂතාවය ලෙසද වාර්තා පොත් අතර ලියවුණු අතර එම කාලයත් සමගින් ඔහු ඔහුගේම දකුණු ආසියානු වාර්තාවද අභිබවායමට සමත් විය.
මූළික තරග යේදී සුළෙඟ් ආධාරය ඇතිව ඊටත් වඩා හොඳ දක්ෂතාවයක් සටහන් කළ යුපුන් එහි අවසන් තරගයේදී දෙවන ස්ථානය දිනා ගන්නේ ඉතාලි ජාතික ලොරෙන්සෝ පට්ටාට පමණක් දෙවෙනි වීමෙනි.
යුරෝපිය ගෘහස්ථ මීටර 60 ශූර මාර්සෙල් ජේකොබ් මෙම තරගයේ මූලික ඉසවුවකදී ඉතාලි ජාතික වාර්තාව අලූත්කිරීමද කැපීපෙනේ. ඒහිදී ඔහු විසින් දක්වන ලද දක්ෂතාවය වූයේ තත්පර 9.95 ක කාලයකි. නමුත් පාදයේ ආබාධයක් හේතුවෙන් ඔහු අවසන් තරගයට සහභාගි නොවීය.
යුපුන් අබේකෝන් විසින් පෙරේදා දිනදී බිඳදමනු ලැබුවේ ඔහු විසින්ම ගිය වසරේදී පිහිටුවා තිබූ තත්පර 10.16 ක ජාතික වාර්තාවයි.
යුපුන් ගේ මෙම නව දක්ෂතාවය ආසියානු කලාපයේ ක්රීඩකයකු විසින් මේ වසරේදී දක්වනලද තෙවන හොඳ ම දක්ෂතාව වේ. මේ වසරේ ආසියානු කලාපයේ හොඳම මීටර 100 දක්ෂතාවය වන්නේ චීන ජාතික බෙන්ටියෑන් සූ විසින් දක්වා ඇති තත්පර 9.98 ක දක්ෂතාවය වේ.
ජපන් ජාතික රයෝටා යමගාටා විසින් වාර්තා කර ඇති තත්පර 10.14 ක දක්ෂතාවය දෙවන ස්ථානයේ තිබෙන අතර යුපුන් අබේකෝන් දක්වන ලද දක්ෂතාවය ආසියානු කලාපයේ තෙවන හොඳම කාලය වේ.
මෙවර ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ මීටර 100 තරගය සඳහා ලෝක මළල ක්රීඩා ආයතනය විසින් ඉතා ඉහළ තත්පර 10.05 ක පරිසාදන මට්ටමක් ලබාදී ඇති අතර එම පරිසාධන මට්ටමට ලඟාවන 36 දෙනෙකුත් ලෝක ශේණි ගතකිරීම්වල ඉහළින් සිටින 20 දෙනෙකුත් තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.
මේ වනවිට කිසිම ශ්රී ලාංකීක මළල ක්රීඩකයකු ඔලිම්පික් පරිසාධන මට්ටමට ලඟාවී නොමැතිඅතර අමෙරිකාවේ ඉගෙනුම ලබන උශාන් තිවංක උස පැනීමෙන්ද, ඉතාලි යේ වෙසෙන යුපුන් අබේකෝන් මීටර 100න්, හෙල්ලය විසිකිරීමේ ඉසවුවෙන් සුමේද රණ්සිංහ සහ දුර පැනීමේ ඉසවුවෙන් ජනක ප්රසද් සහ ශ්රෙශාන් ධනන්ජය පරිසාධන මට්ටම අසලටම පැමිණ සිටී.