උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් දියත් කර ඇති බව දකුණු කොරියාව පවසයි.
මිසයිලය ජපානයේ හොකයිඩෝ ප්‍රදේශයට කිලෝමීටර් 210ක් දුරින් වූ මුහුදට පතිත වී ඇති බවට ජපාන වෙරළාරක්ෂක බලකාය සඳහන් කර තිබුණි.
අමෙරිකාව විසින් කලාපය තුළ යුදමය ශක්තිය වර්ධනය කරගැනීමට දරන උත්සාහයට දරුණු ප්‍රතිචාර දක්වන බව උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍ය චියෝ සොන් හුයි ඊයේ දිනයේ ප්‍රකාශයක් සිදුකර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඊයේ දිනයේ ද උතුරු කොරියාව විසින් කෙටි දුර මිසයිලයක් දියත් කර තිබුණි.
විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ ගතවූ මාස දෙක තුළ පමණක් උතුරු කොරියාව විසින් මිසයිල දියත් කිරීම් 50කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති බවය.