රජය විසින් ගොවීන්ට බෙදාහරිනු ලබන කිලෝග්‍රෑම් 50 හේ යූරියා මිටියක නියමිත බරට පොහොර නොමැති බව අනාවරණය වීමේ සිද්දියක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.
ඒ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත ලද පැමිණිලි අනුව විලච්චිය – පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් රජයේ පොහොර ගබඩාවක් ඊයේ වටලා සිදු කළ පරික්ෂාවේදීයි.
මෙහිදී ගොවිජනතාව වෙත බෙදාහැරීමට රැගෙන ආ ලොරි රථයක් තුළ තිබූ යූරියා පොහොර මිටි 500කින් සාම්පල ලබාගෙන පරික්ෂා කර තිබෙනවා.
එහි දී අනාවරණය වී ඇත්තේ ඒවායේ නිසි බර නොමැති බවටයි.
කිලෝග්‍රෑම් 50ක පැවතිය යුතු පොඵොර මිටියක 47,48,49 ආදී වශයෙන් බර සටහන්ව තිබී ඇති බව සිදු කළ සාම්පල පරික්ෂාවේදී තහවුරු වී තිබෙනවා.
ලෝක බැංකු අධාර යටතේ දිවයිනට රැගෙන ආ යූරියා පොහොර බෙදාහැරීමට රජයට අයත් පොහොර සමාගම් දෙකක් වන කොමෂර්ල් සහ ලක් පොහොර සමාගම් හරහා සිදු කෙරෙනවා.
මෙලෙස නිසි බර නොමැති බවට අනාවරණ වී ඇත්තේ එම පොහොර සමාගම් දෙකෙන් එක් සමාගමක් හරහා බෙදාහැරීමට රැගෙන ආ යුරියා පොහොර තොගයක බවටයි තොරතුරු වාර්තා වන්නේ.
රට තුළ පවතින යූරියා පොහොර හිඟය සහ ගොවි ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතා සැලකිල්ලට ගෙන සම්ස්ත් පොහොර තොගයම රාජසන්තක කිරීමට පාරිභෝගොක කටයුතු පිළිබද අධිකාරිය පියවර ගෙන නැහැ.
එහෙත් පරික්ෂාව්ට ලක් කළ සාම්පල අතර තිබූ නියමිත බරින් තොර පොහොර මිටි 14ක් පමණක් ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකාරිය භාරයට ගෙන තිබෙනවා.