ලෝක පාපන්දු කුසලානයේ පළමු ජය ඉක්වදෝරයට – අදත් තරග දෙකක්

 

ලෝක පාපන්දු කුසලානයේ සමාරම්භක උලෙළ ඊයේ (20) රාත්‍රියේ අතිඋත්කර්ෂවත් අයුරින් කටාර් රාජ්‍යයේ දී නිල වශයෙන් ආරම්භ වූ අතර, පළමු තරගය පැවැත්වුණේ කටාර් රාජ්‍යය සමගින් ඉක්වදෝරය අතරයි.

එහිදී ගෝල 2-0 ක් ලෙස කටාර් රාජ්‍යය පරදා සිය ලෝක කුසලානයේ පළමු ජය ලබා ගැනීමට ඉක්වදෝරය සමත් වුණා.

මේ අතර අද දිනයේ දී A කාණ්ඩයෙන් පස්වරු 6.30ට තරග වදින්නේ එංගලන්ත කණ්ඩායම සමගින් ඉරානයයි.සෙනගල් සහ නෙදර්ලන්තය අතර B කාණ්ඩයෙන් ද අද රාත්‍රී 9.30ට තරගයක් පැවැත්වෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top