අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම සක්‍රීය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
සිය Twitter ගිණුම හරහා Elon Musk විසින් සිදුකළ මත විමසීමකින් අනතුරුව අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම සක්‍රිය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හානිකර ප්‍රකාශ පළකිරීම හේතුවෙන් හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම අත්හිටුවීමට එම සමාගම කටයුතු කර තිබුණා.