2023 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භවූ අතර අද පස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 වනදා සිට දෙසැම්බර් 08 වනදා දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීම දෙසැම්බර් 08 වනදා පැවැත්වෙනවා.