ගාසා තීරය වෙත ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර මේවන විටත් නවතා දමා නැහැ.

 

හමාස් සටන්කාමීන් ඉලක්ක කර මෙම ප්‍රහාර සිදු කෙරෙන බවට ඊශ්‍රායලය ප්‍රකාශ කළත් පලස්තීනුවන් සහ බොහෝ මාධ්‍ය අනාවරණය කරන්නේ මෙම ප්‍රහාර බොහොමයක් එල්ල වන්නේ සිවිල් වැසියන් වෙත බවයි.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානාවක් මගින් පලස්තීන සරණාගත කඳවුරකට බෝම්බ හෙළා තිබෙනවා.

අද උදෑසන එල්ල වී ඇති මෙම ප්‍රහාරයෙන් කඳවුරේ සිටි කුඩා දරුවන් 7ක් ඇතුළු සැළකිය යුතු පිරිසක් මියගොස් ඇති බව සඳහන්.

එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම බිමට සමතලා වී ඇති අතර සුන්බුන්වලට යට වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක යි.

පසුගිය සඳුදා (10) ආරම්භ වූ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේවන විට මරණයට පත් වී ඇති පලස්තීනුවන් ගණන 137ක්.

මෙම පිරිසෙන් 36 දෙනෙකු කුඩා දරුවන්වන අතර තවත් පලස්තීන ජාතිකයින් 920ක් තුවාළ ලබා ඇති බව සඳහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top