චීනයේ පරිත්‍යාගයක් ලෙස ලැබෙන ඩීසල් තොගයක් රැගත් “සුපර් ඊස්ටන්” නෞකාව මෙරටට පැමිණීම සඳහා සිංගප්පූරුවෙන් පිටත් වූ බව චීන තානාපති කාර්යාලය පවසනවා.
ඒ අනුව එම නෞකාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 9,000 ක් රැගෙන හෙට (26) දිනයේ මෙරටට ළඟා වන බවයි සඳහන් වන්නේ.
මෙරට ගොවීන් හා ධීවරයින් සඳහා එම ඩීසල් චීනය විසින් පරිත්‍යාග කර තිබෙනවා.