2023 අයවැය යෝජනාවට අනුව දෙසැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වීසා ගාස්තු සහ අනෙකුත් ආගමන විගමන සේවා ගාස්තු ඉහළ දැමීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා කියා සිටිනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා කියා සිටින්නේ, ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 2000ක් දක්වා සංශෝධනය කර ඇති බවයි.එසේ ම ද්විත්ව පුරවැසිභාවය හිමිවන සහකරු හෝ සහකාරිය හෝ අවුරුදු 22ට අඩු දරුවෙකු සඳහා ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමේ ගාස්තුව අමෙරිකානු ඩොලර් 500ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.මේ අතර ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන සහතිකවල සහතික පිටපත් ලබාගැනීමේ ගාස්තුව රුපියල් 2,000ක් දක්වා ඉහළ දැමීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර නාවික ව්‍යාපාරිකයන් මෙරටට ගොඩබෑමේ දී අයකරන ගාස්තුව අමෙරිකානු ඩොලර් 25ක් ලෙසත් සංශෝධනය කර තිබෙනවා.තව ද සංචාරකයින් සඳහා අන්තර්ජාලය හරහා විද්‍යුත් ගමන් අවසරය ලබා ගැනීම සඳහා වන ගාස්තුව අමෙරිකානු ඩොලර් 50ක් ලෙස ඉහළ දමා ඇති අතර ව්‍යාපාර සඳහා අය කරන එම ගාස්තුව අමෙරිකානු ඩොලර් 55ක් දක්වා ඉහළ දමා තිබෙනවා.මේ අතර මෙරටට පැමිණ සංචාරකයන් සඳහා විද්‍යුත් ගමන් අවසරය ලබා ගැනීමේ ගාස්තුව අමෙරිකානු ඩොලර් 60ක් සහ ව්‍යාපාර සඳහා වන එම ගාස්තුව අමෙරිකානු ඩොලර් 65ක් ලෙස වෙනස් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.මේ අතර “My Dream Home Visa” වැඩසටහන යටතේ වීසා බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා වන ගාස්තුව අමෙරිකානු ඩොලර් 200ක් දක්වා ඉහළ දමා තිබෙනවා.නේවාසික අමුත්තන් සඳහා වන (RGS) වීසා වැඩසටහන යටතේ වීසා බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා වන ගාස්තුව අමෙරිකානු ඩොලර් 200ක් බවත් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.මේ අතර අධිකරණය ඉදිරියේ පෙනී සිටීමේ කටයුත්තක් සඳහා ලබා ගත යුතු වන වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව අමෙරිකානු ඩොලර් 200ක් දක්වා සංශෝධනය කර තිබෙනවා.එසේ ම විදේශ ගමන් බලපත්‍ර ඇති ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරුවන් සඳහා වීසා බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ගාස්තුවක් අය කිරීමේ දී වයස් කාණ්ඩය සැලකිල්ලට නොගන්නා බව පවසන ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ සඳහා වන ගාස්තුව අමෙරිකානු ඩොලර් 150ක් බවත් පවසනවා.තව ද ශ්‍රී ලාංකික නොවන සහකරු හෝ සහකාරිය මත යැපෙන ළමුන් සඳහා වීසා නිකුත් කිරීම සඳහා වන වයස් කාණ්ඩය පවා සැලකිල්ලට නොගන්නා බව දක්වන එම දෙපාර්තමේන්තුව එහි සංශෝධිත ගාස්තුව ලෙස සඳහන් කරන්නේ අමෙරිකානු ඩොලර් 150ක් මුදලක්.