ලයිසන් නැති අලි පහක් මුල් හිමිකරුවන්ට ලබා දෙන්නැයි දුන් නියෝගය අත්හිටුවයි

 

වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටින බලපත්‍ර නොමැති අලි ඇතුන් පස් දෙනෙකු මුල් අයිතිකරුවන් වෙත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (26) අතුරු නියෝගයක් නිකුත් කළා. ඒ අනුව එම නියෝගය දින 14ක කාලයක් බල පැවැත්වෙනවා.අලි ඇතුන් මුල් අයිතිකරුවන්ට ලබාදීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් හතරක් ඊයේ කැඳවනු ලැබී අතර එහි දී අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ.පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කල පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.එහි දී පෙත්සම්කාර පාර්ශවය දන්වා සිටියේ අලි ඇතුන් කිහිප දෙනෙකු මුල් අයිති කරුවන්ට ලබා දෙන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති බවයි.හීලෑ අලි ඇතුන් නැවත ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිය දී, එලෙස නියෝගයක් නිකුත් කිරීම ගැටලු‍ සහගත බවත් පෙත්සම්කරුවන් පෙන්වා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top