චීන ගගනගාමීන් තුන්දෙනෙකු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

 

චීන ෂෙන්ෂූ 15 යානය හෙට අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් කිරීමට සූදානම් වනවා. වයඹදිග චීනයේ ජික්වැන් මධ්‍යස්ථානයෙන් එරට වේලාවෙන් රාත්‍රී 11.08 ට අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා දියත් කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙහිදී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීම සඳහා ගගනගාමීන් තුන්දෙනෙකු පිටත්ව යන අතර, ෆෙයි ජුන්ලොන්ග්, ඩෙන්ග් කිව්මින්ග් සහ ෂැන්ග් ලූ නම් ඔවුන් සියලුදෙනාම චීන ජාතිකයින් බව සඳහන්. එසේම අභ්‍යකාශ මධ්‍යස්ථානයේ දැනට රැඳී සිටින තුන්දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය ඔවුන් සමඟ කෙටි කාලයක් ගත කිරීමට නියමිතයි. අනතුරුව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි තුන්දෙනා යළි පෘථිවිය බලා පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top