රියදුරු බලපත්‍ර‍ය වෙනස් වෙයි ? – රජයෙන් අලුත් අපේක්ෂාවක්

 

 රිය ධාවනය කිරීමේ දී රියදුරු අතින් සිදුවන වැරදි සඳහා ලකුණු අඩු කිරීමේ සහ ඊට අදාළ දඬුවම් පැනවීමේ ක්‍රමයක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එලෙස මාර්ගයෙ රිය ධාවනයේ දී වැරදි සිදු කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය යටතේ ලකුණු 24කට යටත්ව මෙම ලකුණු කැපීම සහ දඬුවම් පැනවීම සිදුවන බවයි.කිසියම් රියදුරෙකු ලකුණු 24 සීමාවට ළඟා වූ පසු ඔහුගේ හෝ ඇයගේ රියදුරු බලපත්‍රය අහෝසි කරන බවත්, යළි ලිඛිත විභාගයෙන් සහ පුහුණුවීම් මගින් යළි රියදුරු බලපත්‍රය සඳහා අයදුම් කළ යුතු බවයි.නව ක්‍රමය යටතේ, පොලිසියට සහ සියලුම මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණවලට දෝෂ පද්ධති ලකුණු වෙත ප්‍රවේශ වීම සඳහා ජංගම දුරකථන සපයනු ලබන අතර දඩ මුදල එම ස්ථානයේදීම හෝ තැපැල් කාර්යාලයකින්, අන්තර්ජාලය හරහා හෝ ගෙවිය හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.රියදුරෙකුට දඩයක් සහ වරදක් සඳහා ලකුණු අඩු කළ යුතු නම්, පුද්ගලයාට එය උසාවියේ දී අභියෝගයට ලක් කළ හැකි වන අතර, වරදකරුට ලකුණු අඩු කිරීමට අමතරව උසාවියකින් දඩයක් ද නියම කරනු ලබනවා.රියදුරෙකුට වසරක් තුළ ලකුණු 2ක් පමණක් අහිමි වුවහොත්, ලකුණු 24 යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔහුට ඊළඟ වසරේ ලකුණු 2ක් ලබාදීම ද සිදු වනවා.දශකයකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ මෙම ක්‍රමය ලබන වසරේ හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය අදහස් කරන බවයි වාර්තා වන්නේ.මේ සතියේ කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසු ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top