හික්කඩුව – වෑවල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
ඒ අනුව අද (30) පෙරවරුවේ හික්කඩුව – වෑවල ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැළකට කඩාවැදුණු පුද්ගලයින් දෙදෙනෙකු මියගිය පුද්ගලයාට සහ ඔහුගේ බිරිඳට තියුණු ආයුධවලින් පහරදී ඇති බවයි සඳහන් වන්නේ.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අදාළ සිද්ධියෙන් මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.